Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ට්‍රම්ප් ආරක්ෂක උපදේශකවරයා ධූරයෙන් ඉවත් කරයි

|Wed, 11 September 2019 |Miscellaneous| Page Views : 31

අලුත් පුවත්
නිව්යෝර්ක් ප්‍රහාරයට අදට වසර 18ක්
රොනාල්ඩෝගේ ගෝල 4න් පෘතුගාලයට විශිෂ්ට ජයක්
තහනම් සංවිධානයක සාමාජිකයින් 11ක් TID භාරයට
පරිපාලන නිලධාරීන්-සරසවි සේවකයින් අදත් වර්ජනයේ
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
අලි සමීක්ෂණය කල්යයි
රනිල්-සජිත් සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
ජනාධිපතිට තවත් අන්තර්ජාතික පැසසුමක්
 
අමෙරිකාවේ ආරක්ෂක උපදේශකවරයා ධුරයෙන් ඉවත්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් උපදේශක ජෝන් බෝල්ටන් පවසා ඇත්තේ තමන් ඉල්ලා අස්වූ බවයි.

අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ කටයුතු කළ ජෝන් බොල්ටන් එම ධුරයෙන් ඉවත්කර තිබේ.

ඔහු සහ තමන් අතර දිගින් දිගටම හටගන්නා මතභේද හේතුවෙන් මෙම පියවර ගත් බව මේ සම්බන්ධයෙන් අනාවරණය කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.

2018 වසරේ අප්‍රේල් මාසයේදී පත්කෙරුණු ජෝන් බෝල්ටන් ජනාධිපති ට්‍රම්ප් යටතේ සේවය කළ තෙවැනි ජාතික ආරක්ෂක උපදේශකවරයායි.

තමන් උපදේශක බෝල්ටන්ගෙන් ඉල්ලා අස්වන ලෙසින් ඉල්ලා සිටි බවත්, ඔහු එම ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබීම සැලැස්වූ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇෆ්ගනිස්තානය හා ඉරානය යන රටවල් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ගත් තීන්දුවලට විවේචනය කිරීමට අවස්ථා කිහිපයකදී බෝල්ටන් කටයුතු කර තිබුණි.

දෙදෙනා අතර මතභේද උග්‍රවීමට එය හේතු වන්නට ඇති බව විචාරකයන් පවසයි.

මීළඟ උපදේශකවරයා ලබන සතියේදී නම්කිරීමට නියමිතයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න