Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දමිළ අපේක්‍ෂකයෙකු යෝජනා කරන්නෙමි !

|Sat, 05 October 2019 10:22|Political| Page Views : 20

අලුත් පුවත්
බිය ගන්වා මුදල් ගත් කොස්තාපල් අත්අඩංගුවට
මෝටර් රථයක සිටි යුවලක් බිය ගන්වා මුදල් ගත් කොස්තාපල් අත්අඩංගුවට
මැතිවරණ පැමිණිලි 26යි - පැෆරල්
ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
ජනපති අපේක්ෂකයින් අද එකම වේදිකාවකට
ගෝඨාභයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභකරයි
 
පරිවර්තනය (සෙයිදි වෙබ් අඩවිය) 2019.10.03

උතුර සහ නැගෙනහිර පළාත්වල ජිවත් වන ජනතාව දේශපාලන පක්‍ෂ භේදයකින් තොරව එක්සත්ව මධ්‍යස්ථ පුද්ගලයෙකු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත්කිරිමේ අවශ්‍යතාවයක් පවතින බවත්, එවැනි පුද්ගලයෙකු තමා විසින් යෝජනා කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ප්‍රකාශ කර ඇත. 2019.10.03 වන දින ඔහු විසින් නිකුත්කර ඇති වාර්තාවක මේ බව සඳහන් කර ඇත.

“ආගමික නායකයින් හා දමිළ බුද්ධිමතුන් එක්ව උතුරු නැගෙනහිර ජනතාවගේ අනන්‍යතාවය රැකගැනීමටත්, දමිළ ජනයාගේ අයිතීන් වර්ගවාදී රජයන් විසින් අඛණ්ඩව ප්‍රතික්ෂේප කිරිමේ ස්වභාවය ජාත්‍යන්තරයට හා සිංහල දේශයට පෙන්වාදීමේ අවශ්‍යතාවය මතුවී ඇත. මෙවර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී දමිළ අපේක්‍ෂකයෙකු ඉදිරිපත්කළ යුතු බවට ආගමික නායකයින් හා දමිළ බුද්ධිමතුන් විසින් සිදුකරන උත්සාහයන් සඳහා මාගේ සහයෝගය හා ප්‍රශංසාව පුද කරන්නෙමි.”

“අඛණ්ඩව මේ සම්බන්ධයෙන් අනෙකුත් නායකයන්, බුද්ධිමතුන් හා සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කර එම උත්සාහයට මාගේ සහයෝගය ලබාදෙමි. උතුරු නැගෙනහිර පළාත්වල ජිවත්වන ජනතාව දේශපාලන පක්‍ෂ භේදයකින් තොරව එක්සත්ව මධ්‍යස්ථ පුද්ගලයෙකු තෝරාපත්කර ගැනිමේ අවශ්‍යතාවය පවතී. මා එක් නාමයෝජනාවක් සිදුකර ඇත. ඔහු දමිළ විමුක්ති කොටි සංවිධානය සමඟ දීර්ඝකාලයක් කටයුතු කරමින් සිටි දෙමළ ජාතික සන්ධානය නිර්මාණය කිරිම සඳහා වී.ප්‍රභාකරන් සමඟ කටයුතු කල පුද්ගලයෙකු වේ. ඒ හේතුවෙන් සිර දඩුවම් ලබා මේ වන විට සමාජගතවී සිටින අප සටන පිළිබඳ මනා අවබෝධයන් ඇති ත්‍රිවිධ භාෂා සම්මාන හිමි නිසි පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු මා අනෙකුත් නායකයන් වෙත පෙන්වාදී ඇත.”

“එය ඔවුන් විශ්ලේෂණය කරන බව මා වෙත ප්‍රකාශ කල අතර, ඒ සම්බන්ධයෙන් ක්‍ෂණික විසඳුමකට පැමිණීමේ අවශ්‍යතාවය පවතී. තවද, මේ ඔස්සේ සිංහල දේශයට සහ ජාත්‍යන්තරයට එක් පණිවිඩයක් ලබාදිය යුතුය. එබැවින් මෙම උත්සාහය අත්නොහැර දමිළ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරිමට සියළු දෙනාම එක්සත්ව ඉදිරිපත්විය යුතු බව ඉල්ලා සිටින්නෙමි.” යනුවෙන්ද එම වාර්තාවේ සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න