Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දකුණු කොරියාවේ සහ චීනයේ සිට පැමිණි මගීන් විශේෂ පරීක්ෂාවට

|Mon, 24 February 2020|Miscellaneous| Page Views :

දකුණු කොරියාවේ සිට සහ චීනයේ ෂැංහයි සිට ගුවන් යානා දෙකකින් පැමිණි මගීන් 395 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

ගුවන් තොටුපලේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ දකුණු කොරියාවේ සිට ඊයේ පස්වරු 6.04 ට පැමිණි කොරියන් ගුවන් සේවයට අයත් යානයක සිටි මගීන් 267 දෙනෙකු සහ ෂැංහයි සිට රාත්‍රියේ පැමිණි යානයේ සිටි මගීන් 128 දෙනෙකු මෙලෙස විශේෂ පරීක්ෂාවට ලක් කළ බවයි.

එම මගීන් අතර සැක සහිත උණ රෝගී තත්ත්වයෙන් පසුවන කිසිවෙකු සිට නොමැති බවද කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළා.

කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ දකුණු කොරියාවේ සිට පැමිණෙන සියළු මගීන් විශේෂ පරීක්ෂාවට ලක් කිරීම සහ දින 14ක කාලයක් පසු විපරමට ලක් කිරීම ඊයේ සිට ආරම්භ කළා.

එමෙන්ම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වෙනම පර්යන්තයකින් ඇතුළු කර ගැනීමද සිදුකෙරෙනවා.

රටවල් 30ක පමණ ව්‍යාප්ත වී ඇති කොවිඞ් නයිටීන් හෙවත් නව කොරෝනා වෛරසයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 2470 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිත සංඛ්‍යාව ද 78,999ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජපානයේ යොකොහොමා වරායේ නිරෝධායනයට ලක් කෙරෙන ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ එම වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ 3 වන මරණය ද ඊයේ වාර්තා වුණා.

ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ 80 හැවිරිදි ජපාන ජාතිකයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම නෞකාවේ 600කට අධික පිරිසකට කොවිඞ් නයිටීන් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර, ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් වාර්තා සඳහන් කළා.

දකුණු කොරියාවේ ද වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ මේ වන විට පුද්ගල මරණ 6ක් වාර්තා වී තිබෙනවා.

එරට තුළ වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 600කට අධික බව සඳහන්.

චීනයට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉරානයේ ද මේ වන විට කොවිඞ් නයිටීන් ආසාදනයෙන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආසාදිත මුළු සංඛ්‍යාව 43ක්.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න