Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නාන්නෙ විටමින් C අහන්නෙ ROCK ලියනාඩෝ ඩිකැප්‍රියෝ

|Tue,03 March 2020|Security| Page Views :

හීන කියන්නෙ ජීවිතේ යථාර්ථයත් මායාවත් අතර එහෙට මෙහෙට වැනෙන ඔංචිල්ලාවක්. අපි හැමෝම මේ ඔංචිල්ලාව පදින අය. හැබැයි එකිනෙකට වෙනස්. ඇයි මම එහෙම කියන්නේ? සමහරු ඔංචිල්ලාව පදින්නේ යථාර්ථය හොයාගෙන. හැබැයි තවත් අය ඒ ඔංචිල්ලාව මායාව ඇතුළෙම පැද පැද ඔහේ ඉන්නවා. මේ දෙවර්ගයෙන් යථාර්ථය හොයාගෙන තමන්ගෙ සිහින ඔංචිල්ලාව පැදපු සහ ඒ අරමුණ හොයා ගත්ත මිනිස්සුන්ට අපි roll modelsලා කියනවා. අද හා හා පුරා කියලා යං tag line තුළින් අද කතා කරන්න යන්නේ එහෙම කෙනෙක් ගැන.

ඒ තමයි ලියනාඩෝ ඩිකැප්‍රියෝ. ඇමෙරිකානු නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක් වගේම පරිසරයට ඇලුම් කරන්නෙක් විධියට ලියෝව කෙටියෙන් හ¾දුන්වා දෙන්න පුළුවන්. 2020 ඒ කියන්නේ මේ අවුරුද්ද වෙනකොට ලියෝ ගේ වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 260ක්.

ලියනාඩෝ ඩිකැප්‍රියෝ කවදත් එකම ආරක විලාසිතා අනුගමනය කළ පුද්ගලයෙක්. ඔබට මතක ඇති පසුගිය සතියේ ඔස්කා සම්මාන උළෙල පැවැත්වුණා. ලියෝ සම්මාන උළෙලට අපූරු යුරෝපීය ඇ¾දුමක් ඇඳගෙන සම්මාන රාත්‍රියට එක්ව සිටියා. බැලූ බැල්මට හරි සාමාන්‍ය ඇ¾දුමක් වගේ පෙනුණත් ඒ රාත්‍රියේ ලියෝගේ ඇ¾දුම් පැල¾දුම්වල වටිනාකම ඩොලර් මිලියන ගණනාවක් බව කිව්වොත් ඔබ විශ්වාස කරන එකකුත් නැහැ. ඔස්කා සම්මාන රාත්‍රියට ලියෝ තෝරා ගත් Christain Louboutine Greggo වර්ගයේ කළු පැහැති ලෙදර් සපත්තුවේ වටිනාකම කැනේඩියන් ඩොලර් 1145ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසට වැඩියි. ඒ වගේම ලියෝගෙ යුරෝපීය ඇ¾දුමට යොදාගත්ත Cufflinks ගැනත් නොකියාම බැහැ. කැරට් 18ක රනින් නිමැවුණ මේ Cufflinksවලට කීයක් වගේ වියදම් කරන්න ඇති කියලද ඔබ හිතන්නේ? රුපියල් හාරලක්ෂ පනස් දහස් හයසීය පනස් නවයක්.

විදෙස් රටක නිවාඩුවක් ගත කරන්න ගියත්, පරිසරය වෙනුවෙන් කටයුතු කළත්, චිත්‍රපට ප්‍රවර්ධන වැඩසටහන්වලට එක් වුණත් විලාසිතාවන්ගෙන් ලියෝ හිටියේ හැමදාමත් ඉදිරියෙන්. ලොව පුරා ලියෝගෙ රසිකයෝ ඔහුට ආදරය කරන්න ඔහු සතුව තිබෙන මේ ආකර්ෂණය එක් හේතුවක්.

ලියනාඩෝ ඩිකැප්‍රියෝ පදනම

ලියෝගෙ හිත, ගත කැපවෙන ප්‍රධානම තැනක් තමයි The Leonardo Dicaprio Foundation කියලා කියන්නේ. ලියෝ මේ පදනම පිහිටුවා ගන්නේ මීට අවුරුදු 20කට විතර කලින්. ඒ කියන්නේ ලියෝගෙ තරුණම වයසෙදි. කැමරාව ඉදිරියේ මොන රංගනය පෑවත් තිරයෙන් පසුපස ලියෝ බොහෝ පුණ්‍ය කටයුතු මේ පදනම ඔස්සේ සිදු කරනවා. අපි කවුරුත් දන්නා පරිදි ලියෝ පරිසරයට ආදරය කරන කෙනෙක්. ඉතින් කාලගුණ වෙනස්වීම්, ආදිවාසී ජනතාවගේ අයිතීන්, වනාන්තර සංරක්ෂණය වගේ දේවල් සම්බන්ධයෙන් මිලියන ගණනින් තමන්ගෙ මුදල් මේ පදනම හරහා වෙන් කරන්න ලියෝ දෙවරක් හිතන්නේ නැහැ. මෑතකදි තමන් පිහිටුවා ගත් පදනමේ 20 වැනි සංවත්සරය සමරන්න ලියෝ මිහිතලය සුරැකීම වෙනුවෙන් ඩොලර් මිලියන 100ක් පරිත්‍යාග කරෙත් අන්න ඒ නිසාමයි.

විටමින් C අඩංගු ජල ස්නානය

ලියෝ නාන්නෙ නිකම්ම නිකම් වතුරෙන් නෙවෙයි. ඔහු තමන්ගෙ ස්නානය සඳහා විටමින් C අඩංගු ජලය යොදා ගන්නවා ඒ විශේෂ හේතුවක් නිසා. නළ ජලයේ තියෙන ක්ලෝරීන් උදාසීන කරලා ශරීරයට අවශ්‍ය පෝෂණ සංඝටක සහ ප්‍රතිඔක්සිකාරක වැඩිදියුණු කිරීම මේ විධියට විටමින් ඛ් ජල ස්නානයට යොදා ගැනීමේ ප්‍රධානම හේතුව වෙනවා. ඒ තුළින් සම, කෙස් සහ නියපොතුවල වර්ධනයට විටමින් Cවලින් ලොකු සහායක් ලැබෙනවා. ඉතින් 50ට කිට්ටු වුණත් මේ මනුස්සයා බැබළි බැබළි ඉන්න එක අහන්නත් දෙයක්ද?

Rock music

ලියෝ රොක් සංගීතය ප්‍රිය කරන්නෙක්. බොනෝ කියන රොක් සංගීත ශිල්පියාට ඔහු බොහොම කැමැතියි. සාමාන්‍යයෙන් අපි කරන්නේ අපි කැමැතිම ගායකයෙක්, කලාකරුවෙක් ප්‍රසංගයක් කරද්දි බලන්න යන එක හෝ ඔහුගේ, ඇයගේ ගීත ඇල්බමයක් මිලදී ගන්න එකනෙ. හැබැයි ලියෝ ඊට හාත්පසින්ම වෙනස්. ඔහු තමන්ගෙ ප්‍රියතම රොක් ගායන ශිල්පියාගෙ සංගීත භාණ්ඩ මිලදී ගන්නවා. 2010 වසරේදී හයිටි රාජ්‍යයේ ඇති වූ භූමි කම්පනයෙන් පස්සෙ හයිටියට මුදල් එකතු කිරීම සඳහා වූ පුණ්‍ය වෙන්දේසියකදී ඩොලර් 100,000කට බොනෝගේ ගිටාරය මිලට ගන්න ලියෝ සමත් වෙනවා.

ක්‍රියාදාම චිත්‍රපට

ලියෝ එයාගෙ මුදල් වෙන් කරන තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි ක්‍රියාදාම චිත්‍රපට චරිත. ඔහු සුප්‍රකට Star Wars රසිකයෙක්. මේ වෙද්දි ඔහු සතුව Star Wars Figure 150ක්, සුපිරි වීරයන්ගේ රුව රැගත් පුංචි පුංචි සෙල්ලම් බඩු 200ක් සහ ඉනචජඥ අධඡධබඵ 200ක එකතුවක් තිබෙන බව පැවසෙනවා.

ලෝක ප්‍රකට චරිත ගැන හොයලා බලනකොට ඔවුන් භාවිත කරන ඔරලෝසු එකතුව ගැනත් සඳහන් නොකරම බැහැ. Tag Heauer, Carrera Calibre (ඩොලර් 4500) වගේම ලියෝ මෙවර ඔස්කාර් සම්මාන රාත්‍රියට පැලඳි Rolex Cosmograph Daytona වර්ගයේ කළු පැහැති අත් ඔරලෝසුවේ වටිනාකම විතරක් අමෙරිකානු ඩොලර් 19,300ක්.

හරි අපූරු Hobbies

හැමෝටම වගේ ලියෝටත් විනෝදාංශයක් තියෙනවා. හැබැයි ඒක ටිකක් විතර අමුතු විනෝදාංශයක්. ඒ තමයි ඩයිනසෝර හිස්කබල් සහ අස්ථි එකතු කිරීම. ඔහු ළඟ මේ වෙද්දි මෙවැනි අස්ථි සහ හිස්කබල් එකතුවක්ම තිබෙනවා. ඔහු ඒවා වෙනුවෙන් ඩොලර් 35,000ත් 40,000ත් අතර මුදලක් වැය කළ අවස්ථාත් නැතිවාම නෙවෙයි.

සම්මාන 150ට වඩා ලබාගෙන, ඔස්කාර්වලට වාර පහක් නිර්දේශ වෙලා, එක් ඔස්කාර් සම්මානයක් ලබා ගත්ත ලියනාඩෝ ඩිකැප්‍රියෝ කියන්නේ තවමත් තනිකඩ කුමාරයෙක්. ටයිටැනික් සහ රෝමියෝ ජුලියට් වැනි චිත්‍රපට ඔස්සේ ඔහු ලෝකයට අමුතුම හැඩයක කුමාරයෙක් බවට පත්වුණා. ටෙලිනාට්‍යයකින් ගමන ආරම්භ කළ ලියෝ අද වෙද්දි හොලිවුඩයේ වැඩිම අයකිරීම් කරන නළුවන් අතර දස වැනි ස්ථානයේ සිටිනවා.

“ජීවිතයේ සතුටින් සිටීමට, ඔබේ සතුට වෙනුවෙන් ඔබට කළ හැකි උපරිමය කරන්න. එවිට බොහෝ මිනිසුන්ට වඩා තව තවත් ඉදිරියට යෑමට සොබාදහම ඔබ වෙනුවෙන් පෙනී සිටීවි.”

ලියෝ එහෙම කියනවා. හීන ඔංචිල්ලාවෙ අතරමං නොවී ලියෝ කෙනෙක් වෙන්න ඔබටත් පුළුවන්. කරන්න තියෙන්නේ එකම දෙයයි. ඔබ ඒ ඔංචිල්ලාව පදින්නේ යථාර්ථය දෙසටද? මායාව දෙසටද? කියලා තීරණය කරන්න. ඉතින්, ඒ තීරණය ඔබ සතුයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න