Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලාංකිකයින් දෙදෙනෙක් නයිජීරියාවේ දී අත්අඩංගුවට

|Tue,03 March 2020|Special| Page Views :

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබාගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නයිජීරියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

නයිජීරියාවේ අබූජාහි පිහිටි නැම්ඩ් අසිකියු ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මොවුන් ව්‍යාජ මලයාසියානු ගුවන් ගමන් බලපත්‍ර දෙකක් යොදාගනිමින් ලන්ඩන් හීතෲ ගුවන්තොටුපල වෙත පිටත්ව යාමට සූදානම්ව සිටියදී නයිජීරියානු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වසර තුළ නයීජිරියාවේ දී ව්‍යාජ ගුවන් බලපත්‍ර ලඟ තබාගැනීමේ වරදට ශ්‍රී ලාංකිකයින් අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙය බව වාර්තා වේ.

නිති විරෝධී ගුවන්ගමන් බලපත්‍ර භාවිත කරමින් රටින් පිටවීම සඳහා මෙම සැකකරුවන්ට නයිජීරියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහය ද ලැබී ඇති බව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත්සැකකරුවන් රදවා තබාගෙන වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න