Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලංකා ඇමෙරිකා ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව ඇරඹේ

|Wed,04 March 2020|Security| Page Views :

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2020/1 (Joint Combined Exchange Training 2020/1) 2020 මාර්තු මස 02 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

පාඨමාලාවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහයේ අණදෙන නිලධාරි කපිතාන් ධම්මික විජේවර්ධන සහභාගී වන ලද අතර, මෙම අවස්ථාවට නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් සහ එක්සත් ජනපද යුධ හමුදා විශේෂ යුධ ඒකකයේ සාමාජිකයින් පිරිසක්ද සහභාගිවී සිටින ලදි. ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී වාර්ෂිකව පවත්වනු ලබන මෙම පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මෙන්ම 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහය සහ විශේෂ යාත්‍රා බලඝනය නියෝජනය කරමින් නාවික පුද්ගලයින් 35 දෙනෙකු සහභාගී වීමට නියමිතව ඇත. තවද, සති හතරක පුහුණු කාලය තුළදී මානව හිමිකම්, භූමි යුධ නීතිය, උපායශීලී සටන් අණතුරු ආරක්ෂණය, ඉලක්කයට වෙඩි තැබිම, නීති විරෝධි මුහුදු සැපයුම් මාර්ග අවහිර කිරීම, හමුදාමය තීරණ ගැනීම, වෘත්තීය නිපුණතා සංවර්ධනය කිරීම යන විෂය හා මෙහෙයුම් ක්ෂේත්‍රයන් පිළිබඳව හැදැරීම සහ ප්‍රායෝගික පුහුණුවීම් වල නිරත වන අතර, එමගින් එක්සත් ජනපද යුධ හමුදා සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් අතර දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමද එහි එක් අරමුණක් ලෙස හැදින්විය හැක.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න