Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වස්කඩුවේ සිට්ට්‍රස් හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයකට

|Sat,21 March 2020|Special| Page Views :

කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාමර 150 කින් යුතු සිය හෝටලය නිරෝධන මධ්‍යස්ථානයක කටයුතු සදහා ලබා ගන්නැයි වස්කඩුව සිට්‍රස් හෝටල් පාලනාධිකාරිය කොවිඩ් 19 ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කර ඇත.

දේශිය හා ගෝලීය වශයෙන් සිදුව ඇති හානිය පිලිබද සංවේදි වෙමින් කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මේ බව නිල වශයෙන් දැනුම් දුන් බවද වස්කඩුව සිට්‍රස් හෝටල් අධ්‍යක්ෂ මණ්ඩලය සදහන් කරයි.

මෙම දැනුම් දීමෙන් පසුව යම් හෙයකින් හෝටලය අදාළ කටයුතු සදහා තාවකාලිකව භාවිත කිරීමෙන් පසුව , නැවත සාමාන්‍ය පරිදි හෝටලයේ කටයුතු ආරම්භ කිරීමට පෙර එහි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සෞඛ්‍යාරක්ෂිතව පිරිසිදු කිරීම් සිදු කරන බවද වස්කඩුව සිට්‍රස් හෝටල් අධ්‍යක්ෂ මණ්ඩලය කියා සිටී. මේ අතර පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සිට්‍රස් හෝටල් සමූහයට සංචාරකයින් පැමිනීම මේදිනවල අඩාල වී ඇති බවත් , රටේ මෙම තත්ත්වය පාලනය කිරීමට රජය , සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශය ගන්නා නිර්භීත උත්සාහයන් තම අධ්‍යක්ෂ මණ්ඩලය අගය කරන බවද වස්කඩුව සිට්‍රස් හෝටලය කියා සිටී.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න