Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සංවාද සහිත හඬ පට එළියට

|Tue, 07 July 2020|Security| Page Views :

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන බවට වන හඬ පට ඇතුළත් සී.ඩී. තැටියක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත බාර දී තිබේ. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයා විසින් අදාළ සී.ඩී පටය ඊයේ (06) ජනාධිපති කොමිසම වෙත බාර දී ඇති බව වාර්තා වේ.

එම කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලේ සාක්ෂි විමසීම් සිදුවූ අවස්ථාවකදී ඔහු අනාවරණය කර සිටියේ නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සම්බන්ධතා පවත්වන බවට සාක්ෂි පවතින බවය.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයා කොමිසම වෙත කැඳවා අදාළ සාක්ෂි ලබාගන්නා ලෙස නියෝමාල් රංගජීව මහතා ඉල්ලීමක් කර තිබුණි. ඊට අදාළව සිදුකළ දැනුම්දීමකට අනුව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරියෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතර සිදුවූ සංවාදයක හඬ පට ඇතුළත් සී.ඩී පටයක් මෙලෙස එහි අධ්‍යක්ෂවරයා විසින් ජනාධිපති කොමිසම වෙත බාර දී තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න