Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එංගලන්තය පළමු ඉනිමේ වාසිය අතට ගනී

|Mon, 27 July 2020 |Security| Page Views :

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 172ක වාසියක් ලබා ගැනීමට සත්කාරක එංගලන්තය සමත් විය. එ අනුව තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේ (26 වැනිදා දිවා භෝජනය වනවිට තරගයේ වැඩි වාසිය තමන්වෙත නතු කර ගැනීමට සත්කාරකයෝ සමත් වී සිටියහ.

දෙරට අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගායලිය මේ වනවිට 1-1ක් ලෙස සමකර ගැනීමට කණ්ඩායම දෙකම සමත්වී ඇති අතර තරගාවලියේ ජය හිමිකර ගැනීමට මෙම තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම අනිවාර්යය වේ. එ අනුව මැන්චෙස්ටර් කී‍්‍රඩාංගණයේදී තීරණාත්මක තරගයේ ඉනිම ආරම්භ කළ එංගලන්තය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 369ක් ලබා ගත්තේය.

රෝරි බර්න්ස් ලකුණු 57ක්, ඕලි පෝප් ලකුණු 91ක් , ජෝස් බට්ලර් ලකුණු 67ක් සහ ස්ටුවර්ඞ් බෝර්ඞ් ලකුණු 62ක් ලබා ගනිමින් එංගලන්ත ලකුණු පුවරුව ශක්තිමක් කිරීමට සමත් විය. කේමර් රෝච් කඩුලූ 4ක් සහ ෂැනොන් ගේබි‍්‍රයල්, රෝස්ටන් චේස් විසින් එංගලන්ත පළමු ඉනිමේ කඩුලූ 2 බැගින් බිඳ දැමීය.

වසර 30කට පසු එංගලන්තයේදී තරගාවලි ජයක් සොයන කොදෙව් කී‍්‍රඩකයෝ තීරණාත්මක සහ අවසන් ටෙස්ට් තරගයේදී පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලකුණු 197ක් ලබා ගත්තේය. කොදෙව් පළමු කඩුලූ 6ම මුලූ ලකුණු 110දී බිඳ වැටුණද 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක සබඳතාවක් එක් කිරීමට ජේසන් හෝල්ඩර් සහ ෂේන් ඩවුරිච් සමත් විය. ජේසන් හෝල්ඩර් ලකුණු 46ක් සහ ෂේන් ඩවුරිච් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් විය. එ් හැරුණුකොට ජේමින් බ්ලැක්වූඞ් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වූ අතර වෙනත් කිසිදු කොදෙව් පිතිකරුවෙකු හට ලකුණු 10 සීමාව පසුකර යෑමය එංගලන්ත පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. ස්ටුවරඞ් බෝර්ඞ් කොදෙව් ලකුණු 31කට කොදෙව් ඉනිමේ කඩුලූ 6ක් බිඳ දැමීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න