Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගනවා - ජනපති

|Mon, 03 Aug 2020 |Security| Page Views :

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමි වන ප්‍රතිපත්තියක් මත පදනම්ව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත. රටේ සම්පත් සහ ආර්ථික මධ්‍යස්ථාන විදේශයන් සතු කිරීම වෙනුවට දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කරන ජාතික ආර්ථිකයක් අනාගතයට උරුම කරදීම රජයේ ප්‍රතිපත්ති බව ජනාධිපතිවරයා කියා සිටියාය.

ජීවන වියදම පිළිබද බොරු පොරොන්දු දීමට වඩා වැදගත් වන්නේ කොවිඞ් වසංගතයත් සමඟ ඇති වූ කටුක යථාර්ථය තේරුම් ගෙන ජනතාව ශක්තිමත්ව නගා සිටුවීම බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවකට එක්වෙමින් ඊයේ සඳහන් කළේය.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ඊයේ දිනය පුරා ජනාධිපතිවරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණාය. මිද්දෙනිය - මහින්ද රාජපක්ෂ වෙළද සංකීර්ණය අසළ සංවිධාන කළ ජන හමුවකට එක්වෙමින් එම ප්‍රදේශයේ ජනතාවගේ අඩුපාඩු පිළිබදව ජනාධිපතිවරයා සොයා බැලුවාය.

මිද්දෙනිය රෝහලේ සහ මිද්දෙනිය මහා විද්‍යාලයේ පවතින අඩුපාඩු පිළිබදව ද එහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මීට අමතරව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව අසළ සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ එක්වූ අතර එහිදී ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ද හිමි වුණාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ මැතිවරණය වෙනුවෙන් දිවයින පුරා චාරිකා කළ අතර, ජනාධිපතිවරයා සහභාගි වූ අවසන් ජන හමු මාලාව ද මෙය වේ. මේ අතර, එම චාරිකාව අතරතුර ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදුකළාය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න