Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මෙරටින් වාර්තාවු කොරෝනා ආසාදිතයන්

|Mon, 14 September 2020|Miscellaneous| Page Views :

ඊයේ දිනයේදී, මෙරටින් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,234ක් දක්වා ඉහළ ගියාය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම පිරිසෙන් 16 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 12 දෙනෙකුද ඊයේ කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි.

එමෙන්ම කුවේටයේ සිට පැමිණි හයදෙනෙකු, මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙකු, තායිලන්තයේ සිට පැමිණි යුක්රේන ජාතිකයෙකුද ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ. ඊට අමතරව ඉතියෝපියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු සහ රතු මුහුද ආශ්‍රිතව සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකුද ආසාදිතයන් ලෙස තහවුරු කරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 226 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2,996කි. පසුගිය 1 වනදා මෙරටින් කොරෝනා ආසාදිතයන් 43 දෙනෙකු වාර්තාවී දින 13 කින් අනතුරුව හඳුනාගනු ලැබූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තාවුණාය.

එමෙන්ම මන්නාරම දුම්රිය ස්ථානය දින 14 ක කාලයක් සඳහා වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට පලා ආ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු පෙරේදා එම දුම්රිය ස්ථානයේදී සොයා ගැනීමත් සමඟයි.

මේ හේතුවෙන් මන්නාරම දුම්රිය ස්ථානයේ දුම්රිය නතර නොකර ධාවනය කෙරෙන බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න කියා සිටියේය.

ජපානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 292 කු අද අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා. ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට ශ්‍රී ලාංකික සහ විදේශ නැවියන් 26 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ දෝහා හි සිට ශ්‍රී ලාංකික සහ විදේශ නැවියන් 64 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර, ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව දෙකෝටි 91 ලක්ෂ 75,454ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ නව ලක්ෂ 27,989 ක් ලෙසයි. තවදුරටත් වැඩිම දෛනික මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තාවන අතර, එය පිළිවෙලින් 1,140ක් සහ 93,215ක් ලෙස දැක්වුණාය.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ පැනවූ ජාත්‍යන්තර ගුවන් ගමන් සීමාවන් සැප්තැම්බර් 15 වනදා සිට ලිහිල් කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබේ. එමෙන්ම ඊශ්‍රායලයද නව ආසාදිතයන් වාර්තාවීම වැඩිවීමත් සමඟ එරට තුළ පනවා ඇති කොරෝනා සීමාවන් තවත් සති තුනකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර මලයාසියාවේ ක්වාලාලාම්පූර් අගනුවර රාත්‍රී සමාජ ශාලාවක කොරෝනා සීමාවන් උල්ලංඝනය කළ 290 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මුඛ ආවරණ නොපැළදීම, සහ සමූහ වශයෙන් රැස්වීම ඇතුළු චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න