Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මංතීරු නීතිය අද දෙවන දිනටත්

||Tue, 15 September 2020|Security| Page Views :

කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග 04ක් කේන්ද්‍රකරගනිමින් රථවාහන තදබදය අවම කිරීම සඳහා පනවා ඇති මංතීරු නීතිය අද (15) දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඒ, අනුව බේස්ලයින් මාර්ගයේ නව කැළණි පාලමේ සිට ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට හරහා හයිලෙවල්, බේස්ලයින් හන්දිය දක්වා මෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පොල්දූව මංසන්ධියේ සිට රාජගිරිය ගුවන් පාලම, ආයුර්වේද වටරවුම, ඩී.එස්.සේනානායක මංසන්ධිය, හෝර්ටන් වටරවුම, පුස්තකාල හන්දිය සහ ලිබර්ටි වටරවුම දක්වා මංතීරු නීතිය ක්‍රියාත්මක වේ.
br> මීට අමතරව ගාලුපාරේ විලියම් මංසන්ධියේ සිට ඩික්මන් පාර මංසන්ධිය, බම්බලපිටිය, කොල්ලුපිටිය, ගාලුමුවදොර වටරවුම, එන්.එස්.ඒ වටරවුම දක්වා වන මාර්ගයේ ද මංතීරු නීතිය ක්‍රියාත්මකයි.
br> මීට අමතරව අනුලා විද්‍යාලය ආසන්නයේ සිට හයිලෙවල් මාර්ගයේ, බේස්ලයින් මංසන්ධිය, පාර්ක් පාර මංසන්ධිය, තිඹිරිගස්යාය මංසන්ධිය, තුම්මුල්ල වටරවුම, ග්ලාස් හවුස් සහ පිත්තල හන්දිය දක්වා ද මංතීරු නීතිය ක්‍රියාත්මක වේ.
br>

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න