Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පැහැර ගත් පාසැල් සිසුවිය සොයා ගනී

|Tue, 15 September 2020|Miscellaneous| Page Views :

මහනුවර ප්‍රධාන පෙලේ පාසලක සිසුවියක් අද (15) පෙරවරුවේ ඇයගේ නිවස ඉදිරිපිට දී පැහැරගෙන ගොස් තිබේ. කෙසේ වෙතත් ඇයව පැහැරගත් බවට පැවසෙන පිරිස විසින් පැය තුනකට පමණ පසුව ප්‍රදේශයේ තවත් පාසලක් අසල ඇය දමාගොස් ඇති බව පොලීසිය පවසයි.

මහනුරව බහිරවකන්ද ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි මෙම සිසුවිය අද පෙරවරු 6.45 ට පමණ නිවසින් පිටතට පැමිණ ඇත්තේ මුඛ ආවරණයක් ලබා ගැනීමට අසල නිවසකට යාම සඳහා ය.

එහිදී ඇයව යම්කිසි පිරිසක් විසින් වෑන් රථයකින් පැමිණ පැහැරගත් බවට පසුව ඇයගේ මව්පියන් පොලීසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව පොලීසිය එම නිවසට පැමිණ විමර්ශන කරන අතර තුර අදාළ පාසල් සිසුවියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගෙන ඇත.

පසුව පොලිස් තොරතුරු සන්නිවේදන ඒකකය විසින් ඇයගේ ජංගම දුරකථන සංඥා ඔස්සේ පරීක්ෂා කිරීමේ දී අනාවරණ වී ඇත්තේ මහනුවර නගරයෙන් ස්ථාන කිහිපයක ගමන් කරන බවය. අනතුරුව ඇයව ප්‍රදේශයේ පිහිටි තවත් ප්‍රධාන පෙලේ පාසලක් අසල පෙරවරු 9.45 ට පමණ දමාගොස් සිටිය දී පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

කෙසේවෙතත් ඇයව පැහැරගත්තේ කවුරුන් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ කරගෙන් නොමැති අතර ඒ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න