Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළට ලකුණු 82ක ජයක්

|Tue, 13 October 2020|Miscellaneous| Page Views :

සාජා හිදී ඊයේ(12) පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟයේදී කොල්කටා නයිට්රයිඩර් පිළ පරදවා ලකුණු 82ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ සමත් වි ඇත.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 2ක් දැවී ලකුණු 194ක් රැස් කළ අතර, ඒ.බී. ඩිවිලියර්ස් එහිදී පන්දු 33කින් නොදැවී ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වි ඇත.

කොල්කටා පිළට සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 112ක් පමණක් වන අතර එහිදී ක්‍රිස් මොරිස් සහ වොෂින්ටන් සුන්දර් කඩුලු දෙක බැගින් ලබා ගත් අතර, ඉසුරු උදාන ලකුණු 19කට එක් කඩුල්ලක් ලබා ගෙන ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න