Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හැටෙන් පැන්ෂන් ගියොත් රටේ තරුණ තරුණියන්ට රැකියා ප්‍රශ්න

|Sat, 21 November 2020|Miscellaneous| Page Views :

අයවැයේ යෝජනාව අනුව පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීම හේතුවෙන් දැනටමත් 18%ක් වන මෙරට ‘තරුණ විරැකියාව’ තවදුරටත් ඉහළ යනු ඇතැයි නිදහස් වෙළෙඳ කලාප නිර්මාපකයන්ගේ සංගමය (FTZMA) පෙන්වා දි ඇත.

එම නිසා එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර එහි වාසි අවාසි පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු කරන ලෙසද FTZMA රජයෙන් ඉල්ලා සිටී. FTZMA යනු ජාතික කම්කරු උපදේශන සභාවේ සාමාජිකයකු මෙන්ම කම්කරු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විෂයභාර ඇමැතිවරයාට උපදෙස් ලබාදෙන ත්‍රෛයිපාර්ශවීය කමිටුවේ පාර්ශ්වකරුවෙකු බව සදහන් කර ඇත.

ජනාධිපතිවරයාට සහ තවත් පාර්ශ්ව කිහිපයකට ලිපියක් යොමු කරමින් FTZMA පෙන්වා දෙන්නේ නෛතික විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට පෙර, සිය වයස්ගත සේවකයන් අපේක්ෂිත කාලයට වඩා දිගු කලක් සේවයේ තබා ගැනීමට අවස්ථාව පවතීද යන්න කෙරෙහි සමාගම් අවධානය යොමු කළ යුතු බව සදහන් කර ඇත.

පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවන්ට සහ පිරිමින්ට පිළිවෙළින් වයස අවුරුදු 50 දී සහ 55 දී සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලබා ගැනීමට අවසර ලබා දී ඇත. පෞද්ගලික අංශයේ ක්‍රියාවලිය වන්නේ අර්ථසාධක අරමුදලේ ප්‍රථිලාභ ලබන වයසේදී දී සේවකයන්ට විශ්‍රාම ගැනීමට ඉඩ සලසා දීමයි. වයස්ගතවීමේ දී තම සුරක්ෂිතභාවය ඇතුළු මූල්‍ය ආරක්ෂණයේ වැදගත්කම ශ්‍රී ලංකාවේ ඉහළ තත්ත්වයක පවතින බව අපි තේරුම් ගනිමු.

එම නිසා නෛතික විශ්‍රාම ගැන්වීමේ වයස පිළිබඳ අවසන් තීරණයකට පැමිණීමට පෙර රජය ඊට අදාළ නිසි තොරතුරු පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙය වර්තමානයේ 18%ක් පමණ වන තරුණ විරැකියාව තවදුරටත් උග්‍ර කරනු ඇත, යැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වි ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න