Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නීතිවිරෝධී අයුරින් ඉතාලියට යෑමට තැත්කළ තරුණයෙකු කටුනායකදී අත්අඩංගුවට

|Sat, 21 November 2020|Miscellaneous| Page Views :

ව්‍යාජ ලෙස සකස් කළ වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් හරහා ඉතාලියට යාමට තැත්කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ කවුළුව වෙත ඉදිරිපත් කළ වීසා බලපත්‍රය සැක සහිත වීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි.

25 හැවිරිදි මෙම සැකකරු යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කටුනායක ගුවන්තොටුපල තුළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න