ආර්ථිකයේ සෑම ක්ෂේත්රයකම සමබර වර්ධනයක් ඇති කිරීම අරමුණයි -ජනපති .
|Fri, 11 December 2020|Miscellaneous| Page Views :
|
|
දිගුකාලීන ආර්ථික පුනරුදය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික අංශය සමග සාකච්ඡාවක නිරත වී තිබේ.
ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (10) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
සෑම දෙයම ආනයනය කොට අලෙවි කිරීම අපහසු බව මෙහිදි පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එලෙස සිදුකළහොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට හැකියාව නොමැති බව පවසා තිබේ.
ආර්ථිකය වර්ධනය වියයුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන පරිදි බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්රවේශයන් ඉතා වැදගත් බව ද සඳහන් කර ඇත.
ආර්ථිකයේ සෑම ක්ෂේත්රයකම සමබර වර්ධනයක් ඇති කිරීම තම අරමුණ බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ඊට ඉවහල් වන ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා පවතින බාධක හඳුනාගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික අංශයට යෝජනාවක් ද සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වූ ආර්ථිකය යළි සක්‍රීය කොට දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීම පරමාර්ථය කරගනිමින් ජනාධිපතිවරයා පෞද්ගලික ව්‍යසායකයින් කණ්ඩායම් වශයෙන් හමුවීමට මෑතකදී තීරණය කර තිබේ.
|
|