Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොරෝනා මෘතදේහ භූමදානයට ඇති හැකියාව සොයා බැලීමේ විශේෂ හමුවක් ....

|Fri, 11 December 2020|Security| Page Views :

කොරෝනා වෛරසය වැළඳී මියයන ආසාදිතයිනගේ සිරුරු භූමදානය කළ හැකිදැයි සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) සාකච්ඦාවක් පවත්වා තිබේ.

අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර මෙම විශේෂ සාකච්ඡඡාව පවත්වා ඇත්තේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ය.

සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත එම දේහයන් භූමදානය සඳහා භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දී තිබේ.

සෞඛ්‍ය බලධාරීන් එහිදී පවසා ඇත්තේ, කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයෙකුගේ දේහය තුළ වෛරසය දින 36ක් පවතින බව සොයා ගෙන ඇති බවයි.

සෞඛ්‍යට බලපාන කරුණු අරබයා ජාති හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇති අතර සෞඛ්‍ය මාර්ගෝපදෙශ පිළිපැදීමට සියලු ජන කොටස්වල සහය අවශ්‍ය බව ද පෙන්වා දී තිබේ.

මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයයේ නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න