දෛනික වැඩිම ආසාදිතයින් කොළඹින් - මහනුවරින් 111ක්
|Sun, 10 January 2021|Miscellaneous| Page Views :
|
|
ඊයේ (09) දිනයේ දී ආසාදිතයින් 535ක් හඳුනාගත් අතර, ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. ඒ ආසාදිතයින් 148ක් ලෙසය. මේ අතර ඊයේ දිනයේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 111ක් වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ අතර කෑගල්ලෙන් 64ක්, ගම්පහ 59ක්, රත්නපුරයෙන් 31ක්, මාතර 28ක්, කළුතරින් 20ක්, මඩකලපුවෙන් 19ක්, කුරුණෑගල හා මාතලෙන් 11ක්, ත්‍රිකුණාමලය 8ක්, ගාල්ලෙන් හා අනුරාධපුරයෙන් 5ක්, මොනරාගල 4ක්, නුවරඑළියෙන් 3ක්, පොළොන්නරුව හා අම්පාරින් දෙදෙනෙක් හා යාපනයෙන් හා මුලතිව් යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ ආසාදිතයින් 30ක් ලෙසය. මීට අමතරව බොරැල්ල, බ්ලුමෙන්ඩල්, මට්ටක්කුලිය හා අවිස්සාවේල්ල යන ප්‍රදේශවලින් ද වැඩි වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ සීදුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 9 දෙනෙක් වාර්තා වී ඇත. ඊට අමතරව කඩවත හා කිරිබත්ගොඩ යන ප්‍රදේශවලින් ද ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 47,839ක් වන අතර, 40,837ක් පූර්ණ සුවය ලබා තිබේ.
|
|