ETI හිටපු අධ්යක්ෂවරුන් අද යළි අධිකරණයට
|Tue, 12 January 2021|Miscellaneous| Page Views :
|
|
ඊ.ටී.අයි. සමාගමේ සිදුව ඇති මූල්‍ය වංචාවන්ට අදාළ නඩුව අද (12) යළි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතයි. ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය පසුගිය සෙනසුරාදා, අද (12) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවාය.
නීතිපතිවරයාගේ උපදෙස් මත ඔවුන් යළිත් අත්අඩංගුවට ගත්තේ බොරැල්ල ප්‍රදේශයේදියි.ඒ ඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ බව කියන රුපියල් බිලියන 6.4 කට අධික මූල්‍ය වංචාවකට අදාළවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණ නොකළ ගිණුම් පවත්වාගෙන යමින් අදාළ ගිණුම්වල පැවති තැන්පතු මුදල් හිටපු අධ්යක්ෂ මණ්ඩලයේ පෞද්ගලික සුඛවිහරණය සඳහා සාවද්‍ය පරිහරණ කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
|
|