Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දර සෙවීමට ගිය පුද්ගලයාගේ සිරුර සිංගිමලේ රක්ෂිතයේ නැගෙනහිර මායිමෙන් හමුවෙයි

|Tue, 12 January 2021|Miscellaneous| Page Views :

සිංගිමලේ රක්ෂිතයේ නැගෙනහිර මායිමේ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව හැටන් පොලිසිය පවසනවා. අද (12) අලුයම මෙලෙස සොයාගෙන ඇත්තේ රක්ෂිතයේ දර සෙවීමට ගිය දෙදරු පියෙකුගේ බවයි වාර්තා ව් ඇත.

අදාල පුද්ගලයා ඊයේ (11) පෙරවරුවේ දර සෙවීමට යන බව පවසමින් නිවසෙන් පිටව ගොස් ඇති අතර ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් වතුකම්කරුවන් පොලිසිය සමඟ එක්ව ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කළාය.එහිදී අද (12) අලුයම දර මිටියක් ද සමඟ රක්ෂිතයේ නැගෙනහිර මායිමේ තිබියදී ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබේ.

මිය ගිය පුදගලයා අපස්මාරය රෝගයෙන් පෙළුණු අයෙක් බව පවුලේ ඥාතින් පවසන අතර මරණය සම්බන්ධයෙන් හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න