ශ්රී ලංකා - එංගලන්ත ගැටුමේ දෙවන දිනය අදයි
|Fri, 15 January 2021|Miscellaneous| Page Views :
|
|
ශ්රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය අදයි. සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම ඊයේ තරගය නතර කරන විට කඩුළු දෙකක් දැවී ලකුණු 127ක් ලබා සිටියේ ය. ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 135කි.
|
|