Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පුද්ගලයකුට පහර දුන්නැයි නාමල් කුමාර අත්අඩංගුවට

|Wed 21 April 2021|Miscellaneous| Page Views :

පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති බළකාය හිටපු ස්වේච්ඡා උපදේශක නාමල් කුමාර මහතා ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලීසිය පවසයි.

තුල්හිරිය කරන ප්‍රදේශයේ පිහිටි නාමල් කුමාර මහතාගේ නිවස ආසන්නයේ පදිංචි ඔහුගේ ඥාති පුද්ගලයකු සමග පසුගියදා (18) ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් නාමල් කුමාර මහතා ඔහුට පහරදී ඇති බවට පහර කෑමට ලක් වූ පුද්ගලයා වරකාපොළ පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකාර නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස පහර කෑමට ලක් වූ පුද්ගලයා මේ වනවීට වරකාපොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර නාමල් කුමාර මහතා වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිස් ස්ථානාධිපති කේ.ඕ.පී. අබේරත්න මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න