Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බදුල්ලේ තරුණයින් පිරිසක් රෝගීන් 15 දෙනෙකු සඳහා එකවර ඔක්සිජන් සැපයීමට පුළුවන් යන්ත්‍රයක් නිපදවයි

|wed, 28 April 2021|Security| Page Views :

බදුල්ල මහා රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයේ දයකත්වය ඇතිව තරුණයන් පිරිසක් රෝගීන් 15 දෙනෙකු සඳහා එකවර ඔක්සිජන් සැපයීමට පුළුවන් යන්ත්‍රයක් නිපදවා ඇත.

ඔවුන් ඒ පිළිබඳව තැබූ Facebook සටහන ...

ගොඩක් දෙනෙක් අහන නිසා මොකක්ද මේ අපි හදපු Oxygen concentrator device එකක් කියන්නේ කියල පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.දැනට රෝහලක් සඳහා අවශ්‍ය oxygen වායුව සපයාගන්නේ ද්‍රව ඔක්සිජන් ලෙස රෝහලට රැගෙනවිත් රෝහල තුල ඇති ටැංකි වල අධි පීඩනයක් යටතේ රඳවා තබාගෙනයි.

මෙහිදී ඔක්සිජන් නිෂ්පාදනය, ප්‍රවාහනය හා ගබඩා කිරීම සඳහා විශාල වියදමක්,කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදුවේ. අපි හදපු උපකරණයෙන් කරන්නේ වායුගෝල වාතයේ තියන 76-78% වන නයිට්‍රජන් වායුව වෙන්කර 95% කට ආසන්න ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිත වායුව ලබාගැනීමයි.මෙම යන්ත්‍රය මගින් රෝගීන් 15 දෙනෙකු සඳහා එකවර ඔක්සිජන් සැපයීමට පුළුවන්.

මෙය වැඩිදියුණු කිරීම මගින් මුළු රෝහල තුල ඇති සම්පුර්ණ ඔක්සිජන් ඉල්ලුම සපුරාලිය හැකිය. මේ සඳහා අපට උදව් කල බදුල්ල මහා රෝහලේ රෝහල් කාර්යමණ්ඩලය සහ සෑම අයුරකින්ම උපකාර කල සියලු දෙනාටම ස්තූතිය පළකරමු.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න