Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගෑස් හිගයක්

|Tue, 04 May 2021|Miscellaneous| Page Views :

ගෑස් මිල වැඩි කිරීමට අවසර නොදීම හේතුවෙන් ගෑස් සමාගම් ණයවර ලිපි විවෘත නොකර ආනයනය ප්‍රමාද කිරීම නිසා ගෑස් හිගයක් මතුව ඇති බව වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඊයේ (03 වැනිදා) දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම දැනුම්දීම සිදු කර ඇත. ගෑස් හිඟය ඇතිවීමට බලපා ඇති කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී වෙළෙඳ අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබේ. මේ පිළිබඳව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටියගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනටමත් හිඟයක් මතුව ඇත.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල සංශෝධනය කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් යහපත් ප්‍රතිචාර නොලැබුණු බව ඔහු අවධාරණය කර ඇත.

ගෑස් මිල රුපියල් 400කින්වත් වැඩි කළ යුතු බව පෙන්වා දුන් ඔහු දැනට සෑම ගෑස් සිලින්ඩරයකින්ම රුපියල් 550ක පාඩුවක් ලබන බවද කියා සිටියේය. තවද මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, වෙළෙඳ අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළද විසඳුමක් නොලැබුණ බව ඔහු සදහන් කර ඇත.

එහෙත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත පැවැසුවේ අවශ්‍ය තරම් තොග තිබෙන බැවින් ගෑස් හිඟයක් නොමැති බවයි. තම ආයතනයට දින තුනකට වරක් ගෑස් රැගත් නෞකාවක් පැමිණෙන බවද ඔහු අනාවරණය කළේය. නමුත් ගෑස් මිල වැඩි නොකිරීම නිසා තම ආයතනයද ගැටලුවකට මුහුණ දී සිටින බව ඔහු පෙන්වා දී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න