Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොරෝනා ආසාදිතයින් පාලනය කිරීම සඳහා අමෙරිකාව විශේෂ ක්‍රියාමාර්ග රැසක්

|Fri, 10 September 2021|Miscellaneous| Page Views :

දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිතයින් පාලනය කිරීම සඳහා අමෙරිකාව විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සූදානම් වේ. ඒ අතරින් ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත්තේ එන්නත්කරණයටයි. ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත්තේ රටේ වැඩකරන ජනතාව කඩිනමින් එන්නත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

රට තුළ ඇති මහා පරිමාණ ආයතනවල සේවකයින් කඩිනමින් එන්නත් කිරීම හෝ සතිපතා කොරෝනා පරීක්ෂණයකට මුහුණදීම සිදු කළ යුතු බවටයි ජනාධිපතිවරයා දැනුම්දී ඇත.

රජයේ සෙවකයින් මිලියනයක් කඩිනමින් එන්නත් කිරීමටද අපේක්ෂිතයි. කාර්ය මණ්ඩල සාමාජිකයින් සියයක් හෝ ඊට වැඩියෙන් සිටින සියලුම පෞද්ගලික ආයතනවලට දැනුම් දී ඇත්තේ සිය සේවකයින් කඩිනමින් එන්නත් කළ යුතු බවයි.

එමෙන්ම සතියකට වරක් කොරෝනා පරීක්ෂණයක් සිදු කළ යුතු බවටත් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා දැනුම්දී තිබේ. මෙම නියෝගය මිලියන 80 ක සේවකයින්ට බලපානු ඇත.

අමෙරිකා දත්තවලට අනුව ඉකුත් අගෝස්තු 03 වන සතියේ සිට එරට දෛනික ආසාදිතයින්ගේ රෝහල්ගතවන්නන්ගේ මියයාම්වලත් යළි වැඩිවීමක් පෙන්නුම් කර ඇත.

මෙම දත්ත වාර්තාවන්නේ අමෙරිකානු වැඩිහිටියන්ගෙන් සියයට 64 ක් මේ වන විටත් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති පසුබිමකයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න