Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට කොමිෂන් සභාවෙන් කැඳවීමක්

|Sun 12 September 2021|Miscellaneous| Page Views :

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලබන 15 වනදා රාජ්‍ය සේවා කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි එම කොමිෂන් සභාව දන්වා තිබේ.

ඒ, දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමසා ඇති ගැටළුවලට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත මෙතෙක් තොරතුරු ලබානොදීම පිළිබද විමසා බැලීම සදහායි.

අදාළ තොරතුරු ලබාදෙන ලෙසට අවස්ථා තුනකදී ලිඛිතව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දන්වා තිබෙනවා. අදාළ පොලිස් නිලධාරීන්ගේ අවශ්‍ය තොරතුරු පෞද්ගලික ලිපිගොනු, විනය ගොනු, අධිකරණ කටයුතු සම්බන්ධ ගොනු මගින් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබූ බවයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙනු ඇත.

කෙසේවෙතත් දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසා ඇති ගැටළු සදහා තමන්ට පිළිතුරු ලබාදීමට හැකියාවක් නොමැති බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත මීට පෙර ලිඛිතව දන්වා තිබේ.

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට සහන සැලසීමේ කමිටුව වෙත අදාළ පොලිස් නිලධාරීන් විසින් ඍජුවම තම ගැටලු ඉදිරිපත් කර ඇති අතර ඒවා සලකා බැලීමෙන් පසු අදාළ කමිටුව විසින් එක් එක් නිලධාරියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශයන් ඉදිරිපත් කර තිබුණි.

පසුව එම නිර්දේශ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලය විසින් එය අනුමත කර තිබේ. ඉන් අනතුරුව දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට සහන සැලසීමේ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලිඛිතව දන්වා තිබුණි.

ඊට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඉල්ලා ඇති නිර්දේශයන් සදහා පදනම් වූ කරුණු තමා වෙත වාර්තා වී නොමැති බවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසා ඇති ගැටළු සදහා තමන්ට පිළිතුරු ලබාදීමට හැකියාවක් නොමැති බවත් පොලිස්පති සී ඩී වික්‍රමරත්න, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න