Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අගමැතිට ලැබුණු ප්‍රතිචාරය

|Mon 13 September 2021|Miscellaneous| Page Views :

අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය යුගයේ බරපතළම අභියෝගය බවත්, සියලු ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීම යුගයේ අවශ්‍යතාවක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉතාලියේදී ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමිනි.දේශනයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ශාලාවෙන් පිටවයද්දී රැස්වී සිටි පිරිසෙන් හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයකි.

ජී 20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝබර් මස ඉතාලියේ රෝම අගනුවරදී පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීව ජී 20 අන්තර් ආගමික සංසදය ඉතාලියේ බොලොඤ්ඤාහිදී ඊයේ (12) ආරම්භ වුණි.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 7.30 ට පමණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි ආරම්භක සැසිය ඇමතීය.එහිදී අගමැතිවරයා සඳහන් කළේය,

"ගැටුම් සහ උත්සන්න වන කලබලකාරී ස්වභාවයන් අප වටා බොහෝ ලෙස දක්නට ලැබේ. සාමය සහ ස්ථාවරත්වය ඇතිවන්නේ අප සමඟ දැඩි ලෙස එකඟ නොවන අය ඇතුළුව අපේ රටවල ජීවත් වන සියලුදෙනා සමඟ පවත්නා යහපත් සබඳතාවලිනි. අතීතයෙන් හිමිවූ දුක්ගැනවිලි මත වාසය කරනවාට වඩා, අප වර්තමානය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අපේ මතයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයන් සමඟ එකඟතාවයක අවශ්‍යතාවය, සහෝදරත්වයේ සහ අවබෝධාත්මක සම්බන්ධතා ගොඩනගා ගතහොත් අප සැවොම බලාසිටින ආස්වාදජනක නව මායිම වෙත ළඟාවිය හැකියි."

"අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය අපේ යුගයේ ඇති බරපතළම අභියෝගයයි. හරියටම මීට විසි වසරකට පෙර සිදු වූ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයේ ඛේදජනක සිදුවීම අප මෙහිදී සිහිපත් කළ යුතුයි. වැරදිකරුවන් හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු කුමක් වුවත් මෙම සිදුවීම සියලුම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීමේ අවශ්‍යතාව සිහිගන්වනවා."

"මේ මොහොතේ ලෝකය අත්විදින බරපතළ සෞඛ්‍ය අර්බුදය, අප සියලුදෙනා එක්සත් කිරීමට උපකාරී වී තිබේ. වෛරසය හේතුවෙන් රටවල් සිය දේශසීමා තාවකාලිකව වසාදැමීම සුදුසු වුවත්, හුදෙකලාවීම ඊට පිළිතුර නෙමෙයි. යහපත් ජීවිතයක් සෙවීම වෙනුවෙන් සිදුවන සංක්‍රමණයට අද පවතින වාතාවරණය අභියෝගයක් වන නමුත් සාධාරණ පදනමක් මත රැකියා ලබාගැනීමේ අවස්ථා නිදහස්ව තිබිය යුතුයි."

"කොවිඩ් -19 අර්බුදය විවිධ ආගම්, ජාතීන් සහ ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර සමස්ත මානව වර්ගයාට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනවා. වසංගතයෙන් බේරී නැවත අපේ ජීවිත ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුයි."


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න