WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙන්ඩිස්, දික්වැල්ල සහ චාමික ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ඉහළින්ම සමත් වෙයි

Sun, 09 January 2021- Page Views : 0 results

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී ගිවිසුම්ගතව සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු ඉන් සමත්ව තිබේ. කිලෝමීටර් 2ක දුරක් දිවීමට විනාඩි 8 යි තත්පර 35 ක කාලයක් මීට පෙර ලබා දී තිබූ අතර එය මෙවර තත්පර 25කින් අඩු කර තිබුණි.

ඒ අනුව ඊයේ පැවැති කිලෝ මීටර් 2 අභියෝගය නිම කිරීම සඳහා ලබාදී තිබූ කාලය විනාඩි 8 යි තත්පර 10 කි.

එම කාලයටත් අඩුවෙන් කිලෝ මීටර් දෙකේ අභියෝගය ජය ගැනීමට චාමික කරුණාරත්න, චරිත් අසලංක, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය, අශේන් බණ්ඩාර සහ මහීෂ් තීක්ෂණ ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් සමත් වුණාය. චාමික කරුණාරත්න, කිලෝ මීටර් 02 ක දුරක් ධාවනය කිරීම සඳහා වැය කර තිබුණේ විනාඩි 07 යි තත්ත්පර 16 ක කාලයක්. ඊයේ පැවැති මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා ක්‍රීඩකයින් 80 දෙනෙකුට අධික පිරිසක් එක්වුණාය.

ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු කිලෝ මීටර් දෙකේ අභියෝගය විනාඩි 08 යි තත්ත්පර 35 කට අඩු කාලයකින් නිම කිරීම විශේෂත්වයකි. කෙසේවෙතත්, ඊයේ පැවැති ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, , දිමුත් කරුණාරත්න, අවිශ්ක ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා සහභාගී වී නැහැ.

අවිශ්ක ප්‍රනාන්දු, කොරෝනා ආසාදිතයෙකු ලෙස ඊයේ හඳුනා ගැනුණු අතර ඒ හේතුවෙන් ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක් නොවූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය. ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධිත තත්ත්වය හේතුවෙන් ඔහු ඊට සහභාගී වූයේ නැහැ. මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර ද ඊයේ පැවැති ශරීර යෝග්‍යතා පරීක්ෂණය සඳහා යොමු නොවූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය.

පෞද්ගලික කරුණක් හේතුවෙන් ධනංජ ය ද සිල්වා ද ඊයේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සඳහා සහභාගී වී නැහැ.

ඊයේ පැවැති කිලෝ මීටර් දෙකේ අභියෝගය ජය ගැනීමට සඳුන් වීරක්කොඩි අසමත් වී තිබේ. ඔහු ධාවනය අතරතුරදී ඉන් ඉවත් වූ බවයි වාර්තා වී ඇත.

මේ අතර සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලි සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය හෙට දිනයේදී නම් කිරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිත අතර පළමු එක්දින තරගය ජනවාරි 16 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.