WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දේවස්ථාන බෝම්බය තැබීම පිටුපස මහමොළකරුවෙක්

Fri, 14 January 2022- Page Views : 0 results

දේවස්ථානයේ බෝම්බය තැබීම පිටුපස මහමොළකරුවෙකු සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ කෙසේ වෙතත් එම පුද්ගලයාද නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බවය. එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සදහන් කර තිබේ.

පොලිසිය පිළිබඳව ඒ වගේ ප්‍රකාශ කළාම ජනතාවගේ තියෙන විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම එතැන වුණේ. අපි දන්නවා ඇපලෝ රෝහලේත් බෝම්බයක් තියලා. ඒක තියපු කෙනාම තමයි එක රපෝත්තු කර තිබේ.

මෙතැනත් මේ බෝම්බෙ තියපු එක්කෙනාම තමයි ඒ පියතුමාට රපෝත්තු කළාට පස්සේ හැන්දෑවේ 5ට පමණ පොලිසිය එතනට ගිහිල්ලා සැකකටයුතු හතරදෙනෙක් ගත්තා. ඒ ළමයාට අවුරුදු 14යි. ඒ ළමයා ඊට පස්සේ මහෙස්ත්‍රාත්තුමිය ඉදිරියේ තමයි කිව්වේ මේ පල්ලියේ මාස 8ක් පමණ වැඩකරන ද්‍රවිඩ ජාතික මුනී කියන පුද්ගලයා තමයි එයාට මේ බෝම්බය සහිත මල්ල භාරදුන්නේ කියලා සදහන් කර තිබේ.

ඊටපස්සේ ඒ බෝම්බය සහිත මල්ල භාරදුන්න පුද්ගලයා තමයි අල්තාරය උඩ බෝම්බය තිබ්බේ කිව්වා. ඊට පස්සේ ඒ මනුස්සයා ඒක පිළිගත්තා. ඒ බෝම්බෙ වටේට රබර් පටියක් දාලා පින් එක ගලවලා හඳුන්කූරක් තියලා ගිනිකූරු 15ක් දාලා අන්තිමට හඳුන්කූර පත්තු වුණාට පස්සේ ගිනිකූර පත්තුවෙලා බෝම්බය පුපුරන්න තමයි සකස් කරලා තිබේ.

ඊට පස්සේ ඒ පුද්ගලයාගේ කාමරය ඇතුලේ ටේප් තිබුණා හඳුන්කූරු තිබුණා ගිනිකූරු තිබුණා. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තම. පල්ලියේ ඉන්න පුද්ගලයෝ අත්අඩංගුවට අරන් හිරිහැර කරනවා කියන එක මොනතරම් බාල තත්ත්වයක් කියල තමයි මට අහන්න තිබේ.

උදේ පාන්දර නොන්ඩි ගහගෙන පුද්ගලයෙක් ආපු බව ඇත්ත. ඒ පුද්ගලයා පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වනවා. පොලිසියට දිය යුතු ඒ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරාම වෙන්නේ ඒ අදාළ පුද්ගලයාට පුළුවන් හැංගෙන්න. පල්ලියම තමයි උදව් කරන්න ඕන අපිට ඒ පුද්ගලයා අල්ලන්න.

ඒ රහස්‍ය තොරතුරු අපි තියාගෙන ඒ පරීක්ෂණ කටයුතු ඉවර වෙනකන් විතරයි. ඒවා ඉවරවෙන්න කලින් කවුරුහරි මාධ්‍ය වෙත නිකුත් කරනවානම් ඒක සැකකරුවන්ට වාසි සහගත තත්ත්වයක්. ඒ වගේ දේවල් කරන්න එපා කියල අපි කියා සිටිනු ඇත.

පොලිසිය කෙරෙහි විශ්වාසය තියන්න. පොලිසිය තමයි චිරාත් කාලයක් මේ රටේ නීතියයි සාමයයි ආරක්ෂා කළේ. පොලිසියක් නැතුව එහෙම කරන්න බෑ. ඒ විශ්වාසය කඩවෙන විදියට අපි කවදාවත් වැඩකරලා නෑ. CCTV දර්ශන සවස 3 ඉඳල බැලුවේ ඉක්මනට අදාළ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න ඕන නිසා. මේක 5ට රිපෝට් කර තිබේ.

එහෙම කියල පොලිසිය උදේ ඒවා බලන්න එපැයි කියල නෑ. පොලිසිය උදේ තියෙන CCTV දර්ශන විනාශ කරන්න කියල නෑ. ඉතින් ඒ වගේ ඒවා තියෙනවානම් ඒවා පොලිසියට දන්වන්න ඕන බව සදහන් කර තිබේ.

අනිත් එක තාම දවස් දෙකයි. මේ පරීක්ෂණය තාම පවත්වාගෙන යනවා. ප්‍රධාන මිනිහව අපි අල්ලගත්තා. ඇපලෝ රෝහලේ බෝම්බ සිද්ධියයි. පල්ලියේ බෝම්බ සිද්ධියයි පිටිපස්සේ කවුරු හරි ලොකු කුමන්ත්‍රණකාරයෙක් තිබේ.

මේ රජය අපහසුතාවයට පත්කරන්න, පොලිසිය හමුදාව අපහසුතාවයට පත්කරන්න ඉන්නවා පුද්ගලයෝ. ඒ මහමොළකරුවා අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා කියන එකත් අපි අනිවාර්යයෙන්ම කියනවා. තමන් බෝම්බය තියලා තමන්ම ඒක කියන්නේ රටේ අනාරක්ෂිත භාවයක් තියෙනවා කියලා පෙන්නන්න කරන වැඩක් බව සදහන් කර තිබේ.