තේ අපනයනයේ වාර්තාගත පහළ යෑමක්
2023 January 23- Page Views : 1873
වසර 25කට පසුව මෙරට තේ අපනයනය පසුගිය වසරේදී වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 250 ක් අපනයනය කර ඇති අතර, එය පෙර වසර හා සැසඳීමේදී සියයට 13 ක අඩුවීමක්.
1997 වසරෙන් පසුව අඩුම තේ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ පසුගිය වසරේයි.
2022 වසරේ ශ්‍රී ලංකාව අපනයනය කර ඇති තේවල වටිනාකම ඩොලර් බිලියන 1.27 ක්.