WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුමන්ත්‍රණයක් ගැන ඇමති අමරවීරගෙන් හෙළිදරව්වක්

2023 January 23- Page Views : 216

යම් දේශපාලන පක්ෂයක් විසින් කාබනික පොහොර පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බවට තොරුතුරු ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අදාළ දේශපාලන පක්ෂයට සම්බන්ධ ගොවි සංවිධාන හරහා දෛනික මාධ්‍ය හමු පවත්වමින් මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අදහස් පළ කළේය.

"ගිය වතාවේ කිව්වේ බාල පොහොර ගෙනාවා කියලා. ගිය යල කන්නයේම කිව්වා. දේශපාලන උවමනාවක් තියෙන කණ්ඩායම් විවිධ දේවල් කියනවා. පස්සේ කට වහගත්තා. මම කිව්වා ඔප්පු කරලා පෙන්වන්න, නැත්නම් මාත් එක්ක විවාදයකට එන්න කියලා. ඔක්කෝම මඟ ඇරලා ගියා ගිය පාර හොඳම පොහොර දුන්නේ කියලා. මේ සැරෙත් මේ ලෙඩ පටන් ගන්නකොටම කිව්වා බාල පොහොර ගෙනල්ලා යූරියා කියලා. ඒක හරි ගියේ නැති වුණාම ඒක තහවුරු කරගන්න බැරි වුණා, හොඳම පොහොර ගෙනල්ලා තියෙන්නේ. දැන් කියනවා කාබනික පොහොර බාලයි කියලා. මේවා කරන කට්ටිය ඉන්නවා. අද සැලසුම් සහගත එක දේශපාලන පක්ෂයක් උපදෙස් ලබාදීලා තියෙනවා, මට තොරතුරු ලැබිලා තියෙනවා සෑම තැනම මාධ්‍ය සාකච්ඡා තියලා කෘෂිකර්මාන්තය අඬාල වුණා කියලා දිනපතා මාධ්‍ය සාකච්ඡා පවත්වන්න කියලා එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ ගොවි සංවිධානයක්ට උපදෙස් ටිකකුත් කරලා තියෙනවා. ඒ අනුව තමා සංවිධාන මට්ටමින් කටයුතු කරන්නේ. ඒවා ප්‍රශ්නයක් නෑ."