පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 61 දක්වා ඉහළට
2023 January 31- Page Views : 26 පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස්
තිබෙනවා.
එමෙන්ම තවත් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යාඥා මෙහෙයකට එක් ව සිටි පොලිස් නිලධාරින් ඉලක්ක කර මෙම පිපිරීම සිදු කර තිබෙනවා.
මිය ගිය පිරිසෙන් වැඩි පිරිසක් පොලිස් නිලධාරින් වන අතර, පල්ලියේ ඉදිරි පේලියේ අසුන්ගෙන සිටි පුද්ගලයෙකු මරාගෙන මැරෙන පිපිරීම සිදු කර ඇති බවට යි සැකකරන්නේ.
පිපිරීමත් සමඟ පල්ලියේ කොටසක් කඩා වැටී ඇති අතර, සුන්බුන්වලට යට වී සිටින පිරිස් බේරාගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක යි.
පොලිස් මූලස්ථානය පිහිටි අධිආරක්ෂාවක් පවතින මෙම ප්‍රදේශයට බෝම්බකරුවන් ඇතුළු වූයේ කෙසේ ද යන්න මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළා.