මට්ටක්කුලිය නින්ජා මාට්ටු
2023 January 31- Page Views : 19 මට්ටක්කුලිය හා ඒ අවට ප්‍රදේශ වල මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ජවාරම්කාරියක් වු “නින්ජා” නැමැත්තිය රුපියල් ලක්ෂ 13ට ආසන්න වටිනා හොරොයින් සහ මුදල් සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අද (31) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 8ට ආසන්න හෙරොයින් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 6ට ආසන්න මුදල් තිබු බව පොලිසිය කියයි..
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය හේනමුල්ල කඳවුර (පැල්පත් නිවාස) ආශ්‍රිතව මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත (42) හැවිරිදි කන්තාවක් බව පොලිසිය කියයි.
මැය අත්අඩංගුවට ගැනීමට යමින් සිටියදී වත්තල ප්‍රදේශයට පලාගොස් ඇති බවත්, ඇය වත්තල සිට හෙරොයින් රැගෙනවිත් හේනමුල්ල කැඳවුර ප්‍රදේශයේ ජාවාරම්කරුවන් අතට ලබා දෙන බවත් පොලිසිය සඳහන් කරයි..
සැකකාරිය මත්කුඩු තොගයක් රැගෙන හේනමුල්ල කඳවුරට වෙත පැමිණ සිටින බවට ලද තොරතුරකටඉ අනුව පොලිසිය මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව හොරොයින් ග්‍රෑම් 30 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.
සැකකාරිය කුමන ජාවාරම්කරවකුගේ හෙරොයින් ජාවාරම් කරන්නේ ද යන්න හෙළි කර ගැනීම සදහා ඇය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.