මනාලයාගේ පාස්පෝට් එක බල්ලා කාලා
2023 August 21- Page Views : 219
ඉතාලියේ මංගල උත්සවය සැලැසුම් කර, ඉතාලියට යෑමට සූදානමින් සිටින ඇමෙරිකන් තරුණයකුගේ ගමන් බලපත්‍රය ඔහුගේ බල සුරතලා සපා කා විනාශ කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගමන් බලපත්‍රය සපා කා එය විනාශ කර ඇත්තේ ‘චිකී’ ය.
‘චිකී’ අවුරුදු 1 1/2 ක් වයසැති ගෝල්ඩන් රෙට්රීවර් වර්ගයේ බලු සුරතලෙකි. අකරතැබ්බට මුහුණ දුන් තරුණයා ඩොනාටෝ ෆ්‍රැටරෝලිය.
ඩොනාටෝ විවාහ වීමට සූදානමින් සිටින්නේ මග්දා මාර්සි නැමැති තරුණිය සමගය. මංගල උත්සවය මෙම අගෝස්තු 28 වැනිදාට යෙදී තිබේ.
ඇමෙරිකානුවකු වන ඩොනාටෝ උපතින් ඉතාලි ජාතිකයෙකි. මංගල උත්සවයට ඉතාලියේ පැවැත්වීමට තීරණය කර ඇත්තේ එහෙයිනි.
කඩිනමින් නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට තමන් උත්සාහ ගන්නා බව ඩොනාටෝ පවසා තිබේ.
කෙසේ නමුත්, එය කඩිනමින් කළ හැකි වේවිදැයි සැක සහිත බව ද ඩොනාටෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.