අධිවේගී අනතුරින් සංක්‍රමණිකයින් 10ක් මරුට
2023 October 02- Page Views : 218
දකුණු මෙක්සිකානු ප්‍රාන්තයේ චියාපාස් හි අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් සංක්‍රමණිකයන් 10 දෙනෙකු මියගොස් තිබේ.
භාණ්ඩ ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් මෙම අනතුරට ලක්ව ඇති අතර සංක්‍රමණිකයින් පිරිසක් එහි රහසිගතව ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අනතුරින් තවත් සංක්‍රමණික පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරින් මියගිය සංක්‍රමණිකයන්ගෙන් බහුතරය කාන්තාවන් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.