චීන ජනපති ඇමෙරිකාවේ
2023 November 15- Page Views : 1188
ඇමෙරිකාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු සමථයකට පත් කර ගනිමින්, ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකාවට පැමිණියේය.
චීන ජනාධිපතිවරයා ඇමෙරිකා බලා පැමිණියේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි. ජනාධිපති ජින්පින් ඇමෙරිකාවට පැමිණියේ වසර 6 කට පසුවය.
ඇමෙරිකා ජනාධිපති බයිඩන් හමුවීමට පෙර, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වෙන 21 වැනි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට ද චීන ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.