WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පොලිස් පොතේ නැති මාවතගම පොලිසියේ අමුතු දඩය

2023 November 20- Page Views : 36

වෑන් රථයක ඉදිරිපස බුදුපිළිමයක් තබා තිබීම වරදක් බව පෙන්වා දී රියදුරු බලපත්‍රය ලබාගෙන ඊට එරෙහිව දඩ කොලයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීමට පෙට්‍රල් ලීටරයක් මාවතගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාදකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු විසින්ඉ ල්ලා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්සමාජ මාධ්‍යයේ තොරතුරු සංසරණය වෙමින් පවතී.

මෙම සිද්ධියට මුහුණ පෑ බව කියන පුද්ගලයා විසින් ඔහුගේ නමද සඳහන් කර මේබව සමාජ මාධ්‍යට මුදා හැර ඇත.

ඉකුත් දාහත් වෙනිදා මෙම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ සිටසිය දරුවන්ද සමඟ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකු බැලීමට ගොස් ආපසු එමින් සිටි අතරවාරයේ මෙම පොලිස් මාර්ග බාධකයේ නිලධාරීන් විසින් නතර කළ බව එම පුද්ගලයා සමාජ මාධ්‍ය පළ කළ ඇති තොරතුරු වල සඳහන් කර ඇත.