බස් රථයකින් ඇදවැටුණු කාන්තාවක් මරුට
2023 November 21- Page Views : 26 කොළඹ සිට හලාවත දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගමන්කළ අඹුසැමි යුවළක් පාපුවරුවෙන් ඇදවැටීම හේතුවෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්මුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවකි.
ඊයේ (20) උදෑසන එම අනතුර සිදුව තිබුණේ සීදුව පොලිස් වසමේ කොළඹ - හලාවත මාර්ගයේ දඬුගම ගුවන් හමුදා මාර්ග බාධකය අසලදීය.
මෘත ශරීරය මීගමුව රෝහලේ තබා ඇති අතර පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.