WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ධනංජය ගෙන් සුපිරි ශතකයක්

2024 March 22- Page Views : 36

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මේ වනවිට බංග්ලාදේශයේ සිලෙට් හිදී පැවැත්වෙයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක ධනංජය ද සිල්වා මීට සුළු මොහොතකට පෙර සිය 11 වැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම, ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 57කට දවා ගැනීමට බංග්ලාදේශ පන්දුයවන්නෝ සමත්වූහ.

අනතුරුව පිටියේ එක්වූ කමිඳු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගත්හ.