WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 188කට සීමා වෙයි

2024 March 23- Page Views : 36

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි (23).

තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 188ක් පමණි.

පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක්, ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 03 බැගින් බිඳ හෙළීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 280ක් රැස් කළේය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 92ක් පිටුපසින් පසුවෙයි.