බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක්
2024 April 03- Page Views : 26 තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්වුණි.
ඒ කිලෝග්‍රෑම් 49 බර පන්තියෙනි.
ලෝක ශූරතා බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ මේ දිනවල තායිලන්තයේ දී පැවැත්වෙන අතර මෙය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසද ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු හංසනී ගෝමස් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත්වුණි.
මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් තරග වැඳුණු ඩිලංක ඉසුරු කුමාර 5 වැනි ස්ථානය දිනා ගත්තේය.
ඒ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 112 ක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 145 ක් ඔසවමිනි.
මෙම තරග ඉසව්වේදී ඩිලංක එස වූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 247කි.
මෙය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙසද වාර්තා අතරට එක්වුණි.