WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ලක්ෂ 5ක් රට ඇතුළේ

2024 April 03- Page Views : 36

විවිධ විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ සිටින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එහි සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා අද (03) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.

"ලංකාවේ මේ මොහොත වෙනකොට, විවිධ මත්ද්‍රව්‍ය ගත්තොත් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වුණ අය ඉන්නවා. මීට අමතරව අලුත් ආකාරයෙන් බෙහෙත් වර්ගවලට යොමුවීම. මේ බෙහෙත් හැමදාම තිබුණා. නමුත් මේ වෙද්දි යම් සුවිශේෂි අවධානයක් යොමුවෙලා සමහර අය වැඩිවශයෙන් යොමුවෙලා තියෙනවා. 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ පෙති ගන්නවා කියලා අපිට කියන්න පුළුවන්. මීට අමතරව ලංකාවට එන රසායනික වර්ග 25ක් අපි විශේෂ සමීක්ෂණයකට ලක්කරනවා. ඒකට හේතුව තමා ඒවායින් පුළුවන්කමක් තියෙනවා අලුත් මත්ද්‍රව්‍ය හදාගන්න. ඒ 25 ම ලංකාවට ගෙන්වනවා නම්, බෙදාහරිනවා නම් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ලයිසන් එකක් ඕනේ."