WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇන්ඩර්සන් ට දොර වැසෙයි

2024 May 11- Page Views : 10

ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින වේගපන්දු යවන්නා වන එංගලන්ත කණ්ඩායමේ ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් පිටියට සමූදීමට සැරසෙන බව වාර්තා වෙයි.

ඔහු ටෙස්ට් තරග 187කදී කඩුලු 700ක් දවාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එළඹෙන ටෙස්ට් තරගාවලි සඳහා එංගලන්තය නවක, තරුණ වේගපන්දු යවන්නන් කෙරෙහි අවධානය යොමුකිරීමට තීරණය කර ඇති බවය.

ඒ බව එංගලන්ත පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් විසින් ඇන්ඩර්සන් ට දැනුම්දී තිබේ.

2003 වසරේදී ටෙස්ට් වරම් ලැබූ ඔහු මේ වනවිට 42 හැවිරිදි වියේ පසුවෙයි