පලස්තීනය ලැබූ ජය
2024 May 12- Page Views : 10
පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලීමට සුදුසු රටක් බවට වන යෝජනාවක් එහි මහා මණ්ඩලය තුළ සම්මත වී තිබේ.
එහිදී පලස්තීනයට පක්ෂව ඡන්ද 143ක් ප්‍රකාශයට පත්වූ අතර ඊට එරෙහිව ඡන්දය භාවිත කර තිබුණේ ඊශ්‍රායලය සහ අමෙරිකාව ඇතුළු රටවල් 9ක් පමණි.
තවත් රටවල් 25ක් ඡන්දය භාවිතයෙන් වැළකී සිට ඇත.
කෙසේ නමුත් එමගින් පලස්තීනයට, එම සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය හිමි නොවන අතර සාමාජිකත්වය ලබාදීමේ තීන්දුව ගත හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පමණි.
මේ අතර එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල නිත්‍ය නියෝජිතයා අදාළ යෝජනාවට සිය විරෝධය පළ කර ඇත.