WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දුනීසියාවට මහ වැසි: ජල ගැලීම්වලින් 41 ක් මරුට

2024 May 13- Page Views : 10

ඉන්දුනීසියාවේ බටහිර පළාත්වලට මහ වැසි ඇද හැලෙයි. පසුගිය සති අන්තයේ ඉන්දුනීසියාවේ මරාපි ගිනි කන්ද සක්‍රිය වී පුපුරා ගියේ ලාවා තට්ටු ද පිට කරමිණි.

මහ වැසි සමඟ ලාවා තට්ටු ද ගසාගෙන ආ අතර, ඒවායින් ගම්මාන යටවිය. නිවාස 100 කට වඩා සම්පූර්ණයෙන්ම විනාශ විය.

හදිසියේ හටගස් ජල ගැලීම්වලට හමුවීමෙන් ඊයේ (12) වනවිට 41 දෙනකු මියගොස් ඇතැයි ද පැවැසිණි.

අතුරුදන් වූ ගණන 16 කි. පාලම් 3 ක් ද කැඩී ගොස් ඇතැයි ද ඉන්දුනීසියා බලධාරීහු පවසති. මුස්ලිම් පල්ලි සහ පාසල් රැසකට ද හානි සිදුවිය.