WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ස්ත්‍රී දූෂණ චෝදනාවට සිරගත කළ නේපාල සුපිරි පන්දුයවන්නා ට අධිකරණයෙන් නිදහස

2024 May 16- Page Views : 10

ස්ත්‍රී දූෂණ චෝදනාවකට වැරදිකරු වී සිරදඬුවම් ලබාදී සිටි නේපාල ක්‍රිකට් ක්‍රීඩක සන්දීප් ලමිචානේ ව එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට එරට මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන අතර එසේම එළැඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියට එක්වීමට ට බොහෝදුරට අවස්ථාව හිමිවෙයි.

ඒ සම්බන්ධයෙන් නේපාල ක්‍රිකට් සංගමය පවසා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලදහොත් සන්දීප් ව සිය ලෝක කුසලාන සංචිතය සඳහා නම්කරන බවය.

පතාන් මහාධිකරණ ප්‍රකාශකයෙක් පැවසුවේ සාක්ෂිවල තිබූ දෝෂයක් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයා ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කළ බවය.

කත්මන්ඩු අධිකරණය විසින් පසුගිය ජනවාරි 10 වනදා 18 හැවිරිදි තරුණියක්ව අපයෝජනය කළ බවට එල්ලවූ චෝදනාවට ලමිචානේ වැරදිකරු බවට නියෝග කළේය.

එසේම ඔහුට ඩොලර් 2,255ක දඩයක් නියම කළ අතර වින්දිත තරුණියට ඩොලර් 1500 ක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කෙරුණි.

ජනවාරි 11 වනදා නේපාල ක්‍රිකට් සංගමය විසින් ඔහුට තහනමක් පැනවිණි.

මෙම මස මුලදී තමාට පනවා ඇති සිරදඬුවමට එරෙහිව සන්දීප් ලමිචානේ අභියාචනයක් ගොනුකළ අතර එහි නීතිමය කටයුතු කෙරෙන අතරතුර ඔහුව බන්ධනාගාරයෙන් තාවකාලිකව නිදහස් කිරීමට අධිකරණය අනුමැතිය දී තිබුණි.