WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියාව සහ චීනය දේශපාලන විසඳුමක් සොයයි

2024 May 16- Page Views : 10

රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් මේ වනවිට චීනයේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ.

රුසියාවේ ජනාධිපතිවරයා සිය 5වැනි ධුරකාලය ආරම්භ කිරීමෙන් අනතුරුව පුටින් ගේ පළමු විදෙස් සංචාරය මෙය වෙයි.

එහිදී ඔහු ලෝක දේශපාලනය, යුක්‍රේන යුද ගැටුම් සහ ගාසා යුද්ධය ගැන චීන ජනාධිපති ෂී ජින්පින් සමග සාකච්ඡා කර ඇති බව සඳහන් ය.

පුටින් පවසා ඇත්තේ රුසියාව සහ චීනය, යුක්‍රේන ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බවට අවධාරණය කරන බවයි.

එසේම ගාසා යුද්ධය සඳහා හොඳම වන්නේ රාජ්‍ය දෙකක් යන විසඳුම බව චීන ජනපතිවරයා පවසා තිබේ.

මෙය චීන සහ රුසියානු නායකයින් දෙදෙනා අතර වසරක් වැනි කෙටි කාලයක් තුළදී සිදුකළ තෙවැනි හමුව යි.