WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනයේ මෝටර් රථවලට අමෙරිකාව බිය වෙයි

2024 May 17- Page Views : 10

අමෙරිකාවට ආනයනය කරන චීනයේ නිෂ්පාදිත මෝටර් රථ සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත්ව කටයුතු කිරීමට අමෙරිකාවේ අවධානය යොමුවී තිබේ.

එරට වාණිජ ලේකම් ගීනා රයිමොන්ඩෝ පවසා ඇත්තේ චීන වාහන සම්බන්ධයෙන් ගතයුතු පියවර සඳහන් කරමින් තම දෙපාර්තමේන්තුව එළඹෙන මාස කිහිපය තුළදී නීති ගෙන එන බවය.

නවීන තාක්ෂණයෙන් සමන්විත චීන වාහන හේතුවෙන් අමෙරිකානුවන්ගේ දත්ත වල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුවීමට ඉඩ ඇති බව ඇය පැවසුවාය.

එය අමෙරීකාවේ ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් බව ඇයගේ අදහසයි.