WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඡන්දය දැම්මාට සහතිකයක්

2024 May 25- Page Views : 10

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් නවදිල්ලි අගනුවර ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඒ, අදියර 7 ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ආරම්භ වීමෙන් පසුවය.

එම ඡන්ද පොළට පැමිණ, මුලින්ම ඡන්දය ප්‍රකාශ කළ, පිරිමි ඡන්දදායකයා වූයේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්ය. එහෙයින් මැතිවරණ බලධාරීන් ඔහුට විශේෂ සහතිකයක් ද පිරිනැමුවේය.

එම සහතිකය ද අතැතිව ඡන්දය දැමූ බව පෙන්වමින්, එස්. ජයිශංකර් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් කියා සිටියේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ශක්තියක් වෙමින්, භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය ලබා දෙන ලෙසටය.